Monday, January 22, 2018

පිස්සකුගේ දින සටහන් හා පුවත්


ජුනි විසිහතර

අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම දකුණ එයා එන්නේ පැද්දී පැද්දී. අදවත් මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා" 

ජුලි හය

Saturday, January 20, 2018

දරුවන් සමඟ අත්දැකීම් 3

කලින් කොටස්

දරුවන් සමඟ අත්දැකීම් 1

දරුවන් සමඟ අත්දැකීම් 2



Father hugging a child


මීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ වුණා. මේ කොටස නම් විවාදාත්මක එකක් වේවි. ඒක නිසා කියෙව්වම පොඩි එකඟ වෙන්න බැරි කමක් තිබුණොත් ඒ ගැන අන්තර් ජාලයේ කියවීමෙන් හෝ ඒ ගැන වැඩි විස්තර හොයන්න සහ ඒ අනුව මේ දේවල් අනුගමනය කරනවද නැත්ද යන්න තීරණය කරන්න කියල ඉල්ලා සිටිනවා. 

Monday, January 8, 2018

වාහන පදවන්නන්ට ආදරයෙන්


ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින් දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය බෙදා ගන්නා ලෙස ඉල්ලමින්.  
විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.

Friday, January 5, 2018

ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන විහිළු කථා

ප්‍රේමදාස ජනාධිපතිවරයා

අද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns)  බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම කථාවල් හදපු අය නොදන්න නිසා ඒ විස්තර දාන්න විදිහක් නම් නැහැ. 


Image Building

අන්දරේ කියන රජකාලෙ හිටපු රජගෙදර කවටයා දන්නවනේ. ඒවගේ රජගෙදර කවටයෝ එක එක කාලෙ ඉඳල තියෙනවා. ගිය රජය කාලෙ මර්වින් එහෙම සමහර විට මේ රාජකාරි ඉටුකලා. ප්‍රේමදාස ජනාධිපති වරයගෙ කාලෙ රජගෙදර කවටයා වුණේ ඒ.ජේ රණසිංහ කියල ඇමති කෙනෙක්. එයාට 'සෙරෙප්පු සුපා' කියල අවර්ථ නාමයකුත් පට බැඳල තිබුණ. ප්‍රේමදාස ජනාධිපති වුණ ගමන්ම එයාව හම්බුවුණ විදේශිකයෙක් කියල තියෙනවා ජවිපෙ ත්‍රස්තවාදීන් මර්ධනය නිසා  ඒකාලෙ රටේ කීර්ති නාමය එච්චර හොඳ තත්ත්වෙක නොතිබුණ නිසා රටේ ඉමේජ් බිල්ඩිං ගැන අවධානය යොමු කරන්න කියල. ප්‍රේමදාස මහත්තය ලඟින්ම හිටපු කෙනෙක් නිසා ඒ.ජේ රණසිංහට තමයි මේ කාර්‍යය පැවරිලා තියෙන්නෙ. භාර දෙන වැඩ වෙනවද කියල හොයල බලන එක ප්‍රේමදාස මහත්තයාගෙ පුරුද්දක්. ඒ නිසා සති කීපෙකට පස්සෙ ඒ.ජේ රණසිංහ ගෙන් ඇහුවලු අරක ගැන බැළුවද කියල. එතකොට ඒ.ජේ රණසිංහ කිව්වලු " අනේ සර් මම කොළඹ තියෙන හැම පාරෙම ගියා. අනෙක රටේ තියෙන හැම ප්‍රධාන මාර්ගෙකම මගේ මිනිස්සු ඇරිය. ඒ වුණාට ඔය ඉමේජ් බිල්ඩිම තාම හොයා ගන්න බැරිවුණානෙ" කියල.


Wednesday, January 3, 2018

දරුවන් සමඟ අත්දැකීම් 2

දරුවෙකු සමඟ සිටින දෙමව්පිය යුවලක්
දරුවන් සමඟ අත්දැකීම් 1

2018 අවුරුද්ද සියළු දෙනාටම සර්වාකාරයෙන්ම සාර්ථක සහ සතුට ගෙනදෙන වසරක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. අවුරුද්දේ පළමුවෙනි පෝස්ට් එක ලෙස කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුනම මතක් වුනේ ඔක්තෝබර් මාසෙ ලියපු දරුවන් සමඟ අත්දැකීම් වල පලමුවෙනි කොටස. ඒ නිසා ඒකේ දෙවෙනි කොටස තමයි 2018 පළමුවෙනි පොස්ට් එක වෙන්නේ. 

සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන විදිහට අවුරුදු 5 පොඩි එකාගේ සිටම උසස් පෙල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කරගෙන පාඩම් කිරීම් සහ ටියුෂන් පන්ති වලට යොමු කිරීමේ ප්‍රයෝජනයක් තිබෙනවාදැයි සිතා බලන්න. එයින් සිදුවන්නේ කුඩා කාලයේ ඉගෙන ගත හැකි මුළු ජීවිත කාලයේදීම ප්‍රයෝජනවත් වන බොහෝ දේවල් ඉගෙනීම ඔවුන්ගෙන් මඟ හැරීමයි. සාර්ථක පුද්ගලයෙකු වීමට තවත් බොහෝ හැකියාවන් ඔවුන් ලබා ගත යුතුයි. එමෙන්ම සමබර ජීවිතයක් ගෙනයාමට ඒවා පුහුණු කල හැකිකාලය නම් අවුරුදු 3 සිට 14 දක්වා කාලයයි. එසේ ලබා ගත යුතු ජීවිතයේ ඉතාමත් ප්‍රයෝජන වන හැකියාවන් සමහරක් මේවායි.