Sunday, December 30, 2018

පියා යනු දියණියගේ පළමු ආදරයයි

Dad, daughter's first love

දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.

අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම වෙනස නම් ඒ රටවල මහළු නිවාස කියන්නෙ රජයේ දැඩි නීති සහ පරීක්ෂා කිරීම් යටතේ පාලනය වෙන ඒවා නිසා දෙමව්පියන්ට මෙහෙට වඩා ආරක්ෂාවක් සහ නොයෙකුත් පහසුකම් ලැබීම.

ඒවගේම දෙමව්පියන්ට දැඩි බැඳීමක් ඇති දරුවන් මෙහෙ වගේම එහෙත් ඉන්නවා. ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ 99% ක් ම නරක මිනිසුන් කරන දේවල්  නිසා කරන හොඳවල් වලට ප්‍රචාරයක් ප්‍රධාන මාධ්‍යවල ලැබෙන්නේ නැහැ. ඒක ටික හරි වෙනස් වී ගෙන යන්නේ කැමරා ෆෝන් සහ සමාජ ජාල වලින් දැන එවන් හොඳ දේවලුත් හරි හරියට ප්‍රචාරය වෙන නිසා.

මේ කථාව සහ වීඩියෝව ඔබගේ දරුවන්ටත් පෙන්නුවොත් හොඳයි. කැනඩාවෙ Alberta ප්‍රාන්තයේ දෙසැම්බර් මස මැද හරියේ Three Days Grace කියන බෑන්ඩ් එකේ Concert එකක් පැවැත්වෙනවා. එයට සහභාගී වූ Jules Maria නැමැත්තියට දකින්න ලැබෙන්නේ අන් අයට වඩා ඉඩ ප්‍රමාණයක් යොදාගනිමින් සංගීතයට නටමින් විනෝද වන යුවලක්. මොහොතකින්ම මේ සාමාන්‍ය යුවලක් නොවන බව ඇයට ඒත්තු යනවා. ඇය ආසා කරන බෑන්ඩ් එක වේදිකාවේ කරන දේට වඩා ඇයගේ හිත යන්නේ මේ යුවල කරන දේ ගැනයි. වහාම ඇය එම සිද්ධිය වීඩියෝ ගතකරනවා. ෆේස්බුක් හරහා සංසරණය වුන එම වීඩියෝව ඉතා ඉක්මනින් මිලියන ගණනක් අය සංවේදී කරනවා. 

Friday, December 21, 2018

ඉන්දියාව සහ බහුතරය

මහින්ද සහ 'නීතීඥ' නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ

ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච සිද්ධි ගැන විවිධාකාර මත පළවෙලා තිබුණත් ඒකෙන් ඇත්තටම වුන දේ මට පේන විදිහට ලියන්න හිතුණා. ඒකට හේතුව වැඩි දෙනෙක් ගේ විග්‍රහ වල මේ සිද්ධීන් වලට යටින් තියෙන  geopolitics ගැන දක්වා   තිබෙන අඩු අවධානය.

කවුරු මොනව කිව්වත් ලංකාව වගේ ඉතා කුඩා, එමෙන්ම ඛනිජ තෙල් වැනි ලෝකයට වටිනා දේවල් නැති රටකට ලෝකයේ තනිවම ජීවත් වෙන්න බැහැ. සමහර අය දේශපාලන වේදිකාවල බටහිරට සිංහලෙන් බැන්නට, යුරෝපය, ඇමෙරිකාව, වගේ බටහිරට අවශ්‍ය නම් මාස දෙක තුනෙන් මේ රට ඉතියෝපියාවට එහා තත්ත්වයකට ඇද දාන එක සුලු දෙයක්. ඒකට එක හේතුවක් තමයි දැන් ඉතියෝපියාව  විශාල ලෙස දියුණුවෙමින් පැවතීම. තව වසර කීපෙකින් රටකට ඉතියෝපියාව වෙන් පල්ලෙහාට යන එක සුළු දෙයක් වෙයි.ඉතියෝපියාවේ ආශ්චර්‍යය ගැන නම් කියවන්නම වටිනවා. රටක් ගැන ආදරයක් තියෙන නායකයෙක් ලැබීම තමයි ඒකට හේතුව. ඒ අයගෙයි ලංකාව ආසියාවේ අච්චාරුව කරපු අයගෙයි වෙනස එතකොට වැටහෙයි.    

Wednesday, September 19, 2018

කියවලම බලන්න


එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම එවකට දක්ෂසිසුවා ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට.

තුන්වන ලෝකයේ රටකින් විශ්ව විද්‍යාලයට පැමිණි එම දක්ෂ සිසුවා ඔවුන් දෙදෙනාට විසඳිය නොහැකිවූ සමීකරණය දෙස විනාඩි තුනක් පමණ බලා සිට පිළිතුර ප්‍රකාශ කරනවා. එම පිළිතුර ගත් ආකාරය පැහැදිලි කිරීමට එම දක්ෂ සිසුවා පිටු තුනක් පුරා සමීකරණ ලියමින් ඔවුන්ට පහදා දෙනවා. එතරම් අසීරු සමීකරණයක් ඒ දෙස බලා සිටීමෙන් පිළිතුර ප්‍රකාශ කිරීමත් ඔහු එම සමීකරණය විසඳන ආකාරය කියාදීමත් ගැන මවිත වන ඇමෙරිකන් සිසුවා සහ ඔහුගේ මිතුරා ජෝ අසන්නේ එවන් සංකීර්ණ සමීකරණයක් මනෝමයෙන් විසඳුවාද යන්නයි.

Saturday, September 15, 2018

සිලෝන් ටකරන් බස් (CTB)

ලංගම ලාංජනය



තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක්
කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.

බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.

උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.


හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්‍රියාත්මක කලේ නැහැ.

Monday, September 10, 2018

ගයිඩ් වැඩක්

සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි.  මේ ලිපි දෙකම කියවන්න.



ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න තිබුණේ දැන් අවුරුදු දෙකකට කලින් රිය අනතුරකින් තාත්තයි මගේ සහෝදරයයි මිය ගිය පුවත විතරයි. ඒක ඔහුට ලොකු කම්පනයක් උනේ නෑ. වෙන පිරිමි වගේ මාව සනසන්න ඕන උනේත් නෑ. මමත් එහෙම සැනසීමක් බලාපොරොත්තුවෙන් කිව්ව දේකුත් නෙවෙයි. නිහඬව ඉන්න බැරි තැනකදි කිව්වා විතරයි.

ඔය කොටස තිබ්බෙ මෙන්න මේ කථාවෙ


උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.



දෙවෙනි කොටස තිබ්බේ මේකෙ



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, July 15, 2018

වාහන හිමියන්ට ආදායම් බදු ලිපිගොනු

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල

ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක හරි නැහැ කියල. ඒක නිසා මොනව හරි ලියන්න දෙයක් ගැන හිතන්න වුණා. 

ලඟකදි ආදායම් බදු කොමසාරිස් විසින් කරන ලද ප්‍රකාශයක් සමහර බයියන් විසින් පුරුදු පරිදි විකෘති කරගෙන වාසි ගන්නව ෆේස්බුක් එකේ දැක්ක. ඒ ගැන පැහැදිලි කිරීමක් බයියන් නොවන අයගේ දැන ගැනීම ගැන ලියන්නම්.

Thursday, July 12, 2018

මරු බ්ලොග් එකක්



පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස් මතක හිටිනව. එහෙම නැත්නම් කථාව මතක හිටිනව. ඊට අමතරව ලියවිල්ලෙ ආකෘතිය මතක හිටින ලියවිලි හරිම දුලබයි.

මේ ලක්ෂණ දෙකම මට දැනිච්ච පෝස්ට් එකක් මෙතන තියෙනවා. ඉහත ලක්ෂණ දෙකම නැතිවුනත් කියවීමේ පහසුව සහිත පෝස්ට් කීපයක් තියෙන බ්ලොග් එකක් ඒක. බ්ලොග් ලෝකයට අමුත්තෙක් වුණත් මේ තැනැත්තා ලිවීම අතින් අති පරිණත බව පැහැදිලියි. කීප දෙනෙක් ගිහින් තිබ්බත් වැඩි දෙනෙක් දැල නැහැ කියල හිතන නිසා මෙතන දැම්මේ. 

වෙලාවක් තියෙන විට ගිහින් බලන්න.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, April 12, 2018

නිකං ලැබුණු බූරු ඇඳ - ආත්මීය හිඟනකම.




සල්පිටියේ ධම්මදස්සී හිමි

ලංකා ඊ නිව්ස් - 2018.අප්‍රේල්.12, ප.ව.8.20) මේ දිනවල ITN එකේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සහෝදරයා හි එන දෙබසක් වෙයි. එහි සඳහන් වන්නේ අපේ රටේ ජීවත්වන මිනිසුන්ගෙන් බහුතරයක් හිඟන්නු බවයි.
සැබවින්ම මේ හිඟනකම කියන්නේ ආර්ථිකමය වශයෙන් ජීවිතය පවත්වාගෙන යාමට බැරිකම නිසා හෝ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ දී පවතින අපහසුතා නිසා ඇතිවන හිඟනකම නොවේ. එම ටෙලිනාට්‍ය යෙන් කියන්නේ අපේ රටේ මිනිසුන්ගෙන් බහුතරයක් ආත්මීය හිඟනකමෙන් පෙළෙන බවයි.

මොකක්ද මේ ආත්මීය හිඟනකම...
මගේ මිතුරෙක් දිනක් "මේ ආණ්ඩුව සමරිසි නැතහොත් සමලිංගික සේවනය නීතිගත කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ඇත්තක් දැ"යි මගෙන් විමසීය...
"ඒක ගැන නම් මං දන්නෑ... හොඳයි එහෙම කරනවා නම් ඒකේ වරදක් තියෙනවාද..?"
"වැරදියි නේන්නම්.. අපේ සංස්කෘතිය... අපේ හැදියාව... අපේ ඉතිහාසය.. ඒකට මොකද වෙන්නේ... "
“එතකොට පබාලා වාගේ අනර්කලීලා වාගේ නිළියන් පාර්ලිමේන්තුවට මහින්දගේ කාලේ ගෙන ආපු එක හොඳයිද..? කාන්තාවෝ 150ක් දූෂණය කළ සාරුවා සුනිල්, 150වැනි කාන්තාව දූෂණය කිරීමේ සතුට සැමරීම සදහා සංවිධානය කළ උත්සවයට රටේ ජනාධිපතිවරයා සහභාගි වෙන කොට ඒක සංස්කෘතියට හොඳයිද..? මං දන්නැති හින්දයි ඇහැව්වේ" මම කීවෙමි.
"ඒක කමක් නෑනේ.. ගෑනු දුෂණය වුනාට කමක් නෑනේ.. ගෑනු හදලා තියෙන්නේ ඒකටනේ... ඒක කමක් නෑනේ... ගෑනු වගේද, මේ පිරිමිනේ..".යි මගේ මිතුරා "හික්.... හික්.." ගා සිනාසෙමින් කීවේය. සැබවින්ම ඔහු නුගත් අයෙක් නොවේ. උගත් සමාජ අවබෝධයක් ඇති පුද්ගලයෙකි.
මම ඔහුට කිසිදු පිළිතුරක් නොදුන්නෙමි.
(මොහුට දිය යුතු පිළිතුර කුමක්දැයි මට තවමත් සිතාගත නොහැකිය. කරුණාකර මෙම ලිපිය කියවන පාඨකයින් සුදුසු පිළිතුර සටහන් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි..)

Monday, February 26, 2018

හැලුප් !! හැලුප් !!

Help

පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි. වෙන මලදානයක් හොයනකොට අහම්බෙන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැළුවා. ඒක කොත්මලේ කුමාර කස්සප කියල ස්වාමීන් වහන්සේ නමක් සිඩ්නි වලදි කරන දේශණයක්. මම මේක කීප වතාවක්ම ඇහුවත් තේරුම්ගන්න අමාරුයි. ඒකට හේතුව එක්කො මගේ උපන් මෝඩ කම එහෙම නැත්නම් මගේ බෞද්ධ නොවන පසුබිම වෙන්න පුළුවන්. මේ දේශණය අහන අයට නම් ඔක්කොම තේරෙනවා වගේ තමයි මට හැඟුණෙ. සමහර විට මේක සිඩ්නි වලට ගිහින් ඇහුවොත් මට වැටහෙයිද දන්නෙ නැහැ. ඒවුණාට දැන් එහෙ යන බෝට්ටු සේවය නැහැනෙ.


අන්න ඒ නිසයි ඔබ තමුන්නාන්සේලාගෙන් (copyright - JR/Ravi.W) උදව්වක් ඉල්ලන්නේ. මේක තරඟයක්ම නොවුනත් මේක අහලා ඒ කියන දේ තමන්ගෙම  වචන වලින් වෙන උදාහරණ යොදාගෙන සාරාංශයක් වශයෙන් (වචන 1,500 හෝ උපරිම 2,000 ක්) පෝස්ට් හැටියට දාන පස් දෙනෙක්ට රුපියල් 5,000 ගාණෙ තෑගි දෙන්න පුළුවන්. ඊට වඩා කට්ටිය දැම්මොත් ඒ අයටත් යමක් දෙන්න පරිත්‍යාගශීලියෙක් හෝ දෙන්නෙක් හොයා ගන්න මම උත්සාහ කරන්නම්. සමහර විට වගුවක් එහෙම යොදාගෙන මේක ඊට වඩා අඩු වචන ගණනකින් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට මෝඩ මට සහ ඒවගේ අනික් අයට තේරෙන්න ලියන්න ඕන.

මෙන්න වීඩියෝ එක. මේකේ 18.30 ඉඳල 1.32.00  විතර පැයකුත් විනාඩි දහයක පමණ කොටස තමයි ඔබේ පෝස්ට් එකට යොදාගත යුත්තේ. 





කොහෙ හරි අන්තර්ජාලයේ තියෙන එකක් කොපි පේස්ට් කරල දාන්න එපා.  මෝඩයා වුනාට plagiarism අල්ලගන්න ටිකක් දන්නවා. මේක අහලම ඔබට තේරෙන විදිහට ලියන්න. ඒ ලියන දේ මේ කියන දේට ගැලපෙනවද කියල බලන්න මට තේරෙන්නේ නැති නිසා ඒකට තව කෙනෙක් හොයා ගන්නම්. 

පෝස්ට් එකක් විදිහට දාන්න බැරිමනම් පමණක් ඊමේල් එකක් විදිහට එවන්න.  අනේ පින් අයිති වෙයි මාර්තු 5 ට පෙර මේ හැලුප් එක කරන්න. 



අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, February 1, 2018

ජනපති සිරිසේන මොකාටද එන්නේ?



ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.

වෙන වෙනම පක්ෂ දෙකක් ලෙස තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ අයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් එක එකාට බැණ ගන්නේ නැතුව මේ මැතිවරණයට මුහුණ දෙන්න බැහැ. එකට ආණ්ඩු කරනකොට මැතිවරණයකදි ආණ්ඩුවේ වැරදි අනික් පාර්ශවයටත් හොඳ තමන්ගේ පාර්ශවයටත් දාල කථා කිරීම සාමාන්‍ය දෙයක්. මේ වගේ අවස්ථාවක් ලංකාවෙ ඇතිවුණ පලමු අවස්ථාව වුණත් වෙන රටවල මේදේ වෙලා තියෙනවා. 

Monday, January 22, 2018

පිස්සකුගේ දින සටහන් හා පුවත්


ජුනි විසිහතර

අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම දකුණ එයා එන්නේ පැද්දී පැද්දී. අදවත් මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා" 

ජුලි හය

Saturday, January 20, 2018

දරුවන් සමඟ අත්දැකීම් 3

කලින් කොටස්

දරුවන් සමඟ අත්දැකීම් 1

දරුවන් සමඟ අත්දැකීම් 2



Father hugging a child


මීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ වුණා. මේ කොටස නම් විවාදාත්මක එකක් වේවි. ඒක නිසා කියෙව්වම පොඩි එකඟ වෙන්න බැරි කමක් තිබුණොත් ඒ ගැන අන්තර් ජාලයේ කියවීමෙන් හෝ ඒ ගැන වැඩි විස්තර හොයන්න සහ ඒ අනුව මේ දේවල් අනුගමනය කරනවද නැත්ද යන්න තීරණය කරන්න කියල ඉල්ලා සිටිනවා. 

Monday, January 8, 2018

වාහන පදවන්නන්ට ආදරයෙන්


ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින් දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය බෙදා ගන්නා ලෙස ඉල්ලමින්.  
විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.

Friday, January 5, 2018

ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන විහිළු කථා

ප්‍රේමදාස ජනාධිපතිවරයා

අද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns)  බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම කථාවල් හදපු අය නොදන්න නිසා ඒ විස්තර දාන්න විදිහක් නම් නැහැ. 


Image Building

අන්දරේ කියන රජකාලෙ හිටපු රජගෙදර කවටයා දන්නවනේ. ඒවගේ රජගෙදර කවටයෝ එක එක කාලෙ ඉඳල තියෙනවා. ගිය රජය කාලෙ මර්වින් එහෙම සමහර විට මේ රාජකාරි ඉටුකලා. ප්‍රේමදාස ජනාධිපති වරයගෙ කාලෙ රජගෙදර කවටයා වුණේ ඒ.ජේ රණසිංහ කියල ඇමති කෙනෙක්. එයාට 'සෙරෙප්පු සුපා' කියල අවර්ථ නාමයකුත් පට බැඳල තිබුණ. ප්‍රේමදාස ජනාධිපති වුණ ගමන්ම එයාව හම්බුවුණ විදේශිකයෙක් කියල තියෙනවා ජවිපෙ ත්‍රස්තවාදීන් මර්ධනය නිසා  ඒකාලෙ රටේ කීර්ති නාමය එච්චර හොඳ තත්ත්වෙක නොතිබුණ නිසා රටේ ඉමේජ් බිල්ඩිං ගැන අවධානය යොමු කරන්න කියල. ප්‍රේමදාස මහත්තය ලඟින්ම හිටපු කෙනෙක් නිසා ඒ.ජේ රණසිංහට තමයි මේ කාර්‍යය පැවරිලා තියෙන්නෙ. භාර දෙන වැඩ වෙනවද කියල හොයල බලන එක ප්‍රේමදාස මහත්තයාගෙ පුරුද්දක්. ඒ නිසා සති කීපෙකට පස්සෙ ඒ.ජේ රණසිංහ ගෙන් ඇහුවලු අරක ගැන බැළුවද කියල. එතකොට ඒ.ජේ රණසිංහ කිව්වලු " අනේ සර් මම කොළඹ තියෙන හැම පාරෙම ගියා. අනෙක රටේ තියෙන හැම ප්‍රධාන මාර්ගෙකම මගේ මිනිස්සු ඇරිය. ඒ වුණාට ඔය ඉමේජ් බිල්ඩිම තාම හොයා ගන්න බැරිවුණානෙ" කියල.


Wednesday, January 3, 2018

දරුවන් සමඟ අත්දැකීම් 2

දරුවෙකු සමඟ සිටින දෙමව්පිය යුවලක්
දරුවන් සමඟ අත්දැකීම් 1

2018 අවුරුද්ද සියළු දෙනාටම සර්වාකාරයෙන්ම සාර්ථක සහ සතුට ගෙනදෙන වසරක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. අවුරුද්දේ පළමුවෙනි පෝස්ට් එක ලෙස කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුනම මතක් වුනේ ඔක්තෝබර් මාසෙ ලියපු දරුවන් සමඟ අත්දැකීම් වල පලමුවෙනි කොටස. ඒ නිසා ඒකේ දෙවෙනි කොටස තමයි 2018 පළමුවෙනි පොස්ට් එක වෙන්නේ. 

සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන විදිහට අවුරුදු 5 පොඩි එකාගේ සිටම උසස් පෙල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කරගෙන පාඩම් කිරීම් සහ ටියුෂන් පන්ති වලට යොමු කිරීමේ ප්‍රයෝජනයක් තිබෙනවාදැයි සිතා බලන්න. එයින් සිදුවන්නේ කුඩා කාලයේ ඉගෙන ගත හැකි මුළු ජීවිත කාලයේදීම ප්‍රයෝජනවත් වන බොහෝ දේවල් ඉගෙනීම ඔවුන්ගෙන් මඟ හැරීමයි. සාර්ථක පුද්ගලයෙකු වීමට තවත් බොහෝ හැකියාවන් ඔවුන් ලබා ගත යුතුයි. එමෙන්ම සමබර ජීවිතයක් ගෙනයාමට ඒවා පුහුණු කල හැකිකාලය නම් අවුරුදු 3 සිට 14 දක්වා කාලයයි. එසේ ලබා ගත යුතු ජීවිතයේ ඉතාමත් ප්‍රයෝජන වන හැකියාවන් සමහරක් මේවායි.