Monday, August 14, 2017

මිනිසුන්ගේ වෙනස්කම් වටහාගෙන අන්‍යවශ්‍ය ද්වේශයෙන් මිදෙන්න

No to Anger

කලින් පෝස්ට් එකේ පෞරුෂ විශමයන් හෝ විකෘති ගැන තිබ්බ දේවල් ගැන යම් වටහා ගැනීමක් ලැබෙන්න ඇති. ඒ ගැන වැඩි දුර කියවන්න හෝ විස්තර සොයාගන්න හිතුනනම් එමඟින් අපි හැමෝටම ඇති එම විශමතාවලින් තමන්ගේ සහ අන් අයගේ හැසිරීම් ක්‍රියා සහ පැහැරහැරීම් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. ද්වේශය ගැන ලියන්න හදපු ඒ පෝස්ට් එකට වැඩි විස්තර යොදන්න ගිහිල්ල ප්‍රධාන මාතෘකාව යට ගියා කියල හිතෙන නිසා ඒ ගැන යමක් කීමටයි මේ පෝස්ට් එක.

එහි දක්වපු පෞරුෂ විශමතා, අනිකුත් විෂමතා සහ සමහර විට තවම හොයාගෙන නැති විෂමතා විවිධ ප්‍රමාණ වලින් තිබීම නිසා එකිනෙකට වෙනස් හැසිරීම් සුසන්යෝගයන් (combinations) ට්‍රිලියන ගණනක් තිබෙන්න පුළුවන් කියන එක ඔබ පිළිගන්නවා ඇති. පෞරුෂ විශමතා ගැන කියවීමෙන් අපි වටහා ගත යුතු ප්‍රධානම කරුණ නම් දෙදෙනෙක් ගේ සිතිවිලි රටා සහ හැසිරීම් එක වගේම වෙන්න තියෙන සම්භාවිතාව බින්දුවට ඉතා ආසන්න බව. ඒ අනුව ඔබගේ සහකරු/සහකාරිය, පෙම්වතා/පෙම්වතිය, මිතුරන්, ඔබගේම දෙමව්පියන්, දරුවන් හෝ ඥාතීන්, ඔබගේ ප්‍රධානියා හෝ යටතේ වැඩ කරන අය, අනිකුත් බ්ලොග් ලියන්නන් හෝ ප්‍රතිචාර දක්වන්නන් විතරක් නෙවෙයි ඔබගේම සහෝදරිය/සහෝදරයා වුණත් ඔබට වඩා තරමක් හෝ  වෙනස් අයුරකින් හරි-වැරදි සහ හොඳ-නරක ගැන අදහස් දරණ අය බව තේරුම් ගන්න ඕන. එම නිසාම තමන් හැර (හොඳ -නරක හඳුනාගැණීම වෙනස් නිසා) වෙන කෙනෙකුගේ ක්‍රියා හෝ වචන නිසා සිත් රිදවා ගැනීම් හෝ ද්වේශය ඇතිකර ගැනීම් යනු කිසිසේත්ම යුතු දෙයක් හෝ අවශ්‍ය දෙයක් නොවේ යන්න තදින්ම සිතට ගත යුතුමයි. 

බ්ලොග් ලියන අය දැනගතයුතු කාරණයක් තමයි බ්ලොග් ලෝකය කියන්නේ මෙවන් විශමතා පමණක් නොව තමන්ගේ දුර්වලතා සහ දුබලතා වසා ගැනීමට අන් අයට නාමිකව හෝ හැංගී පහරදිය හැකි තැනක් බව. ආචාර්‍යය ජෝජ් සයිමන් ලියා ඇති මේ ලිපිය මෙවන් පුද්ගලයන්ගේ පරපීඩාකාරී ආක්‍රමණ හැසිරීම ගැන තේරුම් ගන්න පුළුවන්. එයින් උපුටාගත් ඡේදයක් පහත පළ කරන්නම්.

The sadistic aggressive personality is a most unique aggressive personality sub-type.  All of  the aggressive personalities hurt people.  That’s because in their relentless, thoughtless, and undisciplined pursuit of their self-serving agendas, they’re quite willing to run over those whom they perceive as standing in their way.  They’ll do whatever it takes to “win,” secure the dominant position, or get something they want.  Still, for most of the aggressive personalities, causing pain and injury to others is not their primary objective.  Triumph is their ultimate aim, even if someone has to get hurt in the process. Sadistic-aggressive personalities, however, are primarily interested in hurting, degrading, demeaning, and inflicting agony upon others.  And making someone else grovel is not only the major way sadists secure the dominant position their relationships but also an activity they truly enjoy.  

ඔබට ප්‍රයෝජනවත් තවත් විය හැකි බොහෝ ලිපි ප්‍රමාණයක් ආචාර්‍යය ජෝජ් සයිමන් ගේ මේ වෙබ් අඩවියේ තිබෙනවා. ඉඩකඩ ඇති විටක කියවා බැලීම ඔබටම හොඳක් වෙයි.

ඔබට ද්වේශයක් ඇතිවන හැසිරීම් ඇති අයට ඔවුන්ගේ ක්‍රියා ගැන බොහෝ විට ඇත්තේ සතුටක්. එක අතකින් ඔවුන් කරන්නේ ඔවුන් හරි හෝ හොඳ යැයි විස්වාස කරන දේ. ඔබගේ මිණුම් අනුව ඔවුන් ගේ ක්‍රියාවක් වැරදිනම් ඒ ගැන ඔබ සිත් අමාරුවක් හදා ගත්තාට ඔවුන්ට වන හානියක් හෝ පාඩුවක් නැහැ. අනුන්ගේ ක්‍රියා නිසා හිත් අමාරු හෝ ද්වේශයක් ඇති කරගන්නා ඔබමයි එයින් පරදින්නේ. අනුන්ගේ ක්‍රියා ගැන ද්වේශයක් ඇතිකර ගැනීමට තරම් ඔබ තවත් මෝඩ වෙනවාද යන්න තමයි ඔබ තීරණය කළ යුත්තේ. 

මෙවන් ද්වේශයන් ඇතිවන්නේ වර්තමානයේ ඔබට මුහුණ දෙන්න සිදුවන හෝ දකින්නට ලැබෙන දේවල් ගැන පමණක් නෙවෙයි. අතීතයේ සිදුවූ අමිහිරි අත්දැකීම් සහ සිදුවීම්ද  නැවත ආවර්ජනයෙන් වර්තමානයේ නැවත නැවත ද්වේශය ඇතිවනවා. අතීතයේ සිදුවූ අහිමිරි අත්දැකීම් හිතෙන් මකා දැමීම කල හැකි දෙයක් නොවේ. එහෙත් එවැනි අතීත අමිහිරි අත්දැකීමක් මතක්වී යම් කෙනෙක් ගැන තරහක් සිතට එනවිටම "ඒක අද සිතිය නොයුතු අතීත සිදුවීමක්, ඒක නිසා ඒ ගැන අද සිතීමෙන් මට වෙන යහපතක් නැහැ" යන හැඟීම ඇතිකර ගන්න පුරුදුවෙන්න.

තමන් හැර වෙන කෙනෙක් අතීතයේ හෝ වර්තමානයේ කරන/කරපු හෝ නොකරන/ නොකරපු දෙයක් (commissions or omissions) ගැන ද්වේශයක් ඇතිකරගැනීම ඵල රහිත දෙයක් බව දැන්වත් ඔබට වැටහිය යුතුයි. මෙම පාඩම ඉගෙන ගන්නා තුරුම ඔබ අන් අය නිසා නිකරුණේ ඇතිකරගන්නා  ද්වේශය නිසා ලෞකික සහ ලෝකෝත්තර අවාසි අත්කර ගන්නා කෙනෙක්.


මිනිසුන්ගේ වෙනස්කම් වටහාගෙන අන්‍යවශ්‍ය ද්වේශයෙන් මිදෙන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

26 comments:

  1. වැදගත් ලිපියක් ඉයන් මාමේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ පළමුවෙනි කමෙන්ට් එකට.

      Delete
  2. පරණ අනවශ්‍ය දේවල් මතකා තබා ගැනීමේ සිදුවීමක්.

    අපේ අටමාගේ යාළුවෙක් ඉන්නවා හැමදාම වගේ මුණ ගැහෙන. එක දවසක් මිනිහ එක පාරටම අටමගේ හොම්බට ඇන්නලු. අටම පුදුම වෙලා ඇහැවලු මොන කෙංගෙඩියකට උඹ මට ගැහැව්වේ කියලා. එතකොට අනික් එකා කියනවළු උඹ මට ඔරංඔටං කිව්ව නිසා කියල. කවදද මං එහෙම කිව්වෙ කියල අටම ඇහුවම අනික කිව්වලු අවුරුදු 5 කට විතර කලිං කියල. අටමට පුදුමලු අවුරුදු 5 ක් පරණ දේකට අද ගැහුවේ ඇයි කියල. ඒ ඇයි කියල අහපුවම අනික කිව්වලු මම ඊයේ තමයි පලමුවෙනි පාරට සත්ත්ව උද්‍යානෙට ගියේ, ඒක නිසා ඊයේ තමයි මම ඔරං ඔටං කෙනෙක්ව දැක්කෙ කියලා. (උපුටාගැනීමක් )

    ReplyDelete
  3. රහසින් හෝ ප්‍රසිද්ධියේ අනුන්ට පීඩා කිරීමට පෙළඹෙන්නේ ඊටත් වඩා හිංසාවට, පීඩාවට ලක්වෙච්චි අයයි. ඒ බව මගේ මතක ඇති අවුරුදු විසිපහක විතර අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවං. කොටිම්ම කියතොත් මීට අවුරුදු හත අටකට කලිං හිටිය මම හොස්ස ලඟින් මැස්සා යන්න බැරි එකෙක්. කොටිම්ම අපේ මගුල දවසෙත් කුඩයක් හිංදා ගිනි රණ්ඩුවක් ඇතිවෙන්න ගියා. හැබැයි එදා හිටපු මට වඩා අද ඉන්න මම සෑහෙන්න නිවිච්ච කෙනෙක් කියලා කවුරුත් කියනවා. ඒකට හේතුව මගේ වටේ ඉන්න පිරිස මට ඒ තැනට එන්න හේතුවුනා. ඒ වගේම මගේ ජීවිතේට අහම්බෙන් වෙච්ච දේවල්වලින් මාව තවත් හරිමගට හැරවුනා. මනුස්සයෙක්ට යමක් අහිමිවීම කොයිතරම් දුකක්ද කියන එක මම අත්දැකීමෙන් ඉගෙන ගත්තා.

    හැබැයි අපි වටේ ඉන්න අයටම ඕනි නං පුළුවන් අපිව තවත් නරුමයෙක් කරන්නත්. අපිට ලැබෙන අත්දැකීම්වල වලිගෙං අල්ලගෙන අපිට පුළුවං සමාජයට වෛර කරන්නත්. සමහරවිට කරුමෙ කියන්නෙ ඒක වෙන්නැති. ඔය යකා නටලා සන්තෝෂ වෙන අයත් මිනිස්සුංව කුලප්පු කරලා සංතෝෂවෙන අයත් තමුංව ගොඩගන්න හිතමිතුරු ඇසුරක් නොලැබෙන කරුමයක් කරල කියලයි මම හිතන්නෙ. හැබැයි ඔය මිනිස්සුංව ගොඩගන්න හරිම ලේසියි. ඒ අයට අවශ්‍ය අවධානයයි. ඒ අවධානය එක්ක හිතමිතුරු ඇසුරක් ලැබුනොත් ඔවුන්ව ගොඩගන්න පුළුවං. ඔය නිර්ණාමිකව ඇවිත් යකා නටන අය ගැන දන්න කවුරුහරි ඉන්නවා. එනමුත් ඒ දන්න එකා උඩගෙඩි දෙන්නෙම තව තවත් වලට යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුරංග. තමන්ට සිදුවුණ හිංසා පීඩා නිසා අනික් අයගෙන් පළිගන්න උත්සාහ කරන අය ඉන්න පුළුවන් තමයි. උඹ තරහ යාම පැත්තෙන් තරමක් හෝ මිදිල කියන එක ගැන අහන්නත් සතුටුයි. ඒ තත්ත්වය ලබා ගත්තේ කොහොමද කියන එක ගැන පෝස්ට් එකක් දැම්මොත් අනික් අයටත් ප්‍රයෝජනයක් වේවි.

      Delete
  4. දහස් ගණනින් අපට හමුවන මිහිරි අමිහිරි සිතුවිලී
    මිනිස් හිතකින් වටහගන්නට තමන් වෙන්නේ ඇයි මැලී
    රහස් හැඟුමන් ද්වේශ හැඟුමන් නොමැති හිත සතුටින් වෙලී
    අහස් කුස මත තරින්දා සේ සැරිසරයි නිති දිළි දිළී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී :)

      Delete
  5. මිතුරුකමින් ඉන්නා බොහෝ අය නොපෙනි සතුරුකම් කරමින් වින්දනයක් ලබනවා. මේකත් එක මානසික රෝගයක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අසංග මිනිස්සු අපිට වඩා වෙනස් ඒක නිසා වෙන්න ඇති ඒ විදිහට හැසිරෙන්නේ කියල ඒ වගේ දේවල් ignore කරාම හරි

      Delete
  6. ඇත්තමට මිනිස්සු උපතින්ම වෙනස් නේ ;-)
    ගොඩක් වටිනා ලිපියක් සහෝදරයා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්ගාත :)

      Delete
  7. ඉතාම ප්‍රයෝජනවත් කාලීන අදහස් ඇතුලත් ලිපියක්. මෙවැනි ලක්ෂණ තිබෙන බොහෝ අය අපට එදිනෙදා ජීවිතයේදී හමු වෙනවා. මිනිසුන් අතර මේ අංශයෙන්ද විවිධත්වයක් තිබෙන බව හොඳින් වටහාගත් විට සමාජ ආශ්‍රය අමාරු නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාවී මහහත්මයා. ඔබගේ අගය කිරීම ඉතා වටිනවා.

      Delete
  8. මාත් පටන් ගත්තා සතුටු සිතුවිලි කියලා බ්ලොගයක්. ඒකේ දාන්නේ විවිධ අය කියූ සිත සතුටු කරන, දිරිමත් කරන කතා. ඒ අතරේ මටත් හිතෙන ඒ වගේ දේචල් ලියනවා.

    https://sathutusithuvili.blogspot.com/

    දවසට එක සිතුවිල්ලක් හොඳටම ඇති දවසම ප්‍රීතිමත් කරන්න!

    ReplyDelete
    Replies
    1. දවසට එක සිතුවිල්ලක් හොඳටම ඇති දවසම ප්‍රීතිමත් කරන්න!
      +++++++++++++++++

      Delete
  9. “I don't have time, energy, or interest in hating the haters; I'm too busy loving the lovers.”
    ― Steve Maraboli

    ReplyDelete
  10. One Ano was relentlessly attacking late Maj. Gunarathne alias Wicharaka on my blog's previous post, I hinted him not to do it as Wicha is no more there to reply him, but the bugger keep on attacking until I start removing everything.. This kind of carrying baggages must surely be a mental disorder. I mean, the way they throw whatever to grab at you, I simply couldn't understand there mentality. Oops.

    ReplyDelete
    Replies
    1. කමී සමහර පරපීඩකයන් ත්‍රිල් එක ගන්නේ ප්‍රති උත්තර නොදෙන ප්‍රති උත්තර දිය නොහැකි හෝ දුර්වලයන් අල්ලාගෙනයි. ඔවුන් කීබෝඩ් වීරයන් වුනාට බොහෝ විට පියවි සමාජයේ බයගුල්ලන්. ජීවතුන් අතර නැති කෙනෙක් අල්ලාගෙන බැට දීම ඒකෙත් අන්තිම කොණ වෙන්න ඇති. ඒ ගැන ඔබ ද්වේශයක් අතිකරගන්න එපා.

      Delete
  11. මටත් මේ දිනවල එක් කරදරකාරයකු නිසා අවුලක් තියෙ.. ඒ සුදීමතාටත් අනුකම්පා කරනවා

    ReplyDelete
    Replies
    1. පවුලේ හෝ සමාජයීය හේතුවකට අන් අයට කරදරකාරී ලෙස හැසිරෙන අයට අනුකම්පා කිරීම ගැන දේශක තුමා ගැන ආඩම්බරයි

      Delete
  12. ඉයන් තුමෝ. සුරංග ලියපු දෙයට සමාන දෙයක් තමයි මට කියන්න තියෙන්නෙත්. ඒත් ඉතිං ඉවසගන්න බැරි ඇවුන් සිද්දි පෞද්ගලික දේවල් විදිහට අරං ඇමිනෙන්න එනවනම් කට පියං ඉන්න එක අමුම ගොන් කමක්.

    මමත් මාස දෙකක් විතර අසනීප වෙලා ගෙදරට වෙලා ඉඳල බ්ලොග් එකට ආයෙ එනකොට එකක් හිතාගත්ත. "බ්ලොග් ලියන අය නෙමෙයි වැදගත්, බ්ලොග් වල තියෙන දේ තමයි වැදගත්" කියල. ඒක බොහොම සරල විසඳුමක් මේ ඔක්කොටම.

    නැතුව මේ ඇනෝ, මඩ, කේලම්, බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් කවදාවත් නැති කරන්ට පුළුවන් දේවල් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ටික්කා බොහොම ස්තූතියි. උඹට හෝ සමාජයට හානියක් නොවනව නම් ඔය ඇමිණෙන්න එන වුන්ට ඇමිණෙන්න නොදී සද්ද නැතුව හිටියමත් වැඩේ හරියනව.

      Delete
  13. blog වල ගොඩක් තියෙන්නේ ෆේක් එකවුන්ට් ... ඒකත් එක්තරා ලස්සනක්... ඒත් මට නම් හිතෙන්නේ අනන්‍යතාවය තියෙන්නේ අපි කරන කියන දේවල් වල මිසක් නමේ නෙවී. අනිත් අයට හින්සා කරද්දී සුරංග කියන කතාවම තමා මටත් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ, කාට හරි හානියක් වෙනවනම් ඊට විරුද්ධව ඉදිරිපත් විය යුතුමයි. එහෙම නැතුව එයාගෙ අඩුපාඩුවක් වහගන්න හෝ ත්‍රිල් එකක් ගන්න එන වුන් හා ඇමිණීම ප්‍රයෝජනයෙන් අඩුයි.

      Delete