Friday, April 29, 2016

එක සිංදුවක්, නාස්තිවුණ තරුණ දිවියක් සහ නිවාඩු දෙන්න



එක සිංදුවක්

අද කොහෙ හරි සයිට් එකක සිංදුවක් තිබුණා. ඉතාම ලස්සනට ලයාන්විත ආකාරයට කරන ගායනාවක්. මේ ගායනා කරන්නේ ආධුනික ගායිකාවක් සමහරවිට ඇයම ගිටාරයක් වයමින්. ඒක අහනකොට සිංදුව පුරුදු ගතියක් දැනුනත් කලින් අහල තිබුණෙ නැහැ කියලත් හිතුන. මෙතනින් සිංදුව අහල බලන්න කොච්චර ලස්සනද කියල. 





Friday, April 22, 2016

ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +


මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක නුවර කුමාරිගේ  පෝස්ට් එකක්. ඒක මම කථාකරන්න අදහස් කරන මාතෘකාවට පොඩ්ඩක් වෙනස්. එකේ කියවුනේ කුඩා කාලයෙදී තාවකාලිකව ඇතිවන සමලිංගික ආකර්ෂණයන් ගැන. හැමෝටම ඒවගේ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙකුට ඒවා පාසිං එපිසෝඩ්ස් විතරයි. ඒ වුණාට කුඩා ප්‍රතිශතයක් වැඩිහිටි වයසේදීත් සමලිංගික වෙනවා. මේ වගේ Sexual orientation එකෙන් ඔයගොල්ලනට වඩා වෙනස් වන අය ගැය ඔබගේ ආකල්පය කුමක්ද කියා සිතන්න සහ අවශ්‍යනම් නැවත සලකා බලන්න පෙලඹවීමක් තමයි මෙම පෝස්ට් එකේ අරමුණ.

Friday, April 15, 2016

අල්මාරියක් විකිණීමට තිබේ.



සිතුවිලි සිතූ ගේ පෝලිම ලිපිය නිසා තමයි මේක ලියන්නට ඉන්ස්පිරේශන් එක ලැබුණෙ. මේක කියවල එක් කෙනෙක් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මහන්සියේ ප්‍රතිඵල ලැබුණ වෙනවා. සිතූ කිව්වේ පෝලිමක ඉන්න බැරි අනික් අය තමන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයැයි සිතපු කෙනෙක් ගැන. එම ලිපියට මගේ කමෙන්ට් එකට ලියපු දෙයින් පටන් ගන්නම්. 

එක් එක් සමාජ වල බල පරතරය (power distance ) කියල එකක් තියෙනව කියල සමහර අය දන්නව ඇති. මෙම බල පරතර සීමාව එක් එක් රටවලට වෙනස් වෙනවා. ලංකාව hierarchical society එකක්.  එම නිසා බල පරතරය වැඩියි.  එම නිසා බල පරතර හිණිමගේ උඩින් ඉන්නවා යැයි සිතන අය අවස්ථාව බලා  නොබලා එම තරාතිරම් ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරනවා.

Wednesday, April 6, 2016

ගැණු නැත්තං අපි කපෝති


පිරිමි අපි විහිළුවට වගේ ගෑහැණුන්ව අවතක්සේරු කරල කථා කරනව සමහර වෙලාවට. ඒක පිරිමින්ගේ ජාතික විනෝදාංශයක් (National pastime) . ඒ වුණාට නක්කියට වගේ එහෙම කලාට මම දන්න ගොඩක් පිරිමි කාන්තාවන්ට ගරු කරනවා. ඒවගේම චෙෆාකි වගේ අය බිරින්ඳෑ වරුන්ට ඉතා ඉහලින් ගරු කරනව. කොච්චර ගරු කරනවාද කිව්වොත් ලඟින් යනකොට චෙෆාකිගේ දණිස් දෙක වෙවුලනවා කියල තමයි කට්ටිය කියන්නෙ.