Wednesday, August 23, 2017

ජංගම දුරකතනයෙන් දෙවියෝ වඩිති


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි. 

ප්‍රධාන ආගමන විගමන නිලධාරි  යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි. 

Monday, August 21, 2017

ප්‍රවාහණය ගැන මෙහෙම බැළුවොත්

ප්‍රවාහන මාධ්‍ය කිහිපයක්ම සම්බන්ධ කරන වියානා දුම්රිය ස්ථානය


මේ පෝස්ට් එකට inspiration එක ලැබුණේ පැරාගෙ මෙන්න මේ පෝස්ට් එකෙන්. ප්‍රවාහණය ගැන සැලසුම් කරන අය අදට වඩා ග්ලෝබල් විව් එකක් මේ සම්බන්ධයෙන් දැරිය යුතුයි කියන එකයි මගේ නිගමනය. එහෙම බලනවනම් ඇති කල හැකි සහ ඇතිවිය යුතු වෙනස්කම් නම් බොහොමයක්.

ප්‍රධාන නගරවලට ප්‍රවාහන ක්‍රම යොදාගෙන මිනිසුන් පැමිණෙන හේතු නම් රැකියා සඳහා, පාසැල් සිසුන්, පාස්පෝට් ආදී රජයේ සේවාවන් ලබා ගැනීමට, සහ බඩු මිලදී ගැනීමට යන ඒවායි. මෙම ගමණකදී අඩුම වශයෙන් බස් රථ දෙකක හෝ තුනක සේවය ලබා ගැනීමටත් සැලකිය යුතු වේලාවක් ඒ සඳහා යෙදවීමත් සිදුවෙනවා. අඩුම වියදම් ප්‍රවාහණ ක්‍රමය දුම්රිය වුණාට වැඩිපුරම භාවිතා වෙන්නේ බස් රථ, ත්‍රිරෝද රථ සහ පෞද්ගලික වාහන. ප්‍රවාහණය වැඩි දියුණු කිරීම ගැන හිතනකොට බොහෝ දෙනා හිතන්නේ ඒ සඳහා වැඩිපුර පාරවල්, වැඩිපුර බස් රථ යෙදෙවීම තමයි පිළිතුර කියල. ඒ ඔක්කොම විශාල වියදම් යන දේවල්. ඒවගේම ඒවට තිබෙන ඉල්ලුම වැඩිවීමක් මිස අඩුවීමක් වෙන්නේ නැහැ. ප්‍රවාහණ සේවා වලට තිබෙන ඉල්ලුම අඩු කිරීම මේකට විසඳුමක් කියන එක හිතන්න කාලෙ හරි.

Wednesday, August 16, 2017

විදේශ ඇමති ලෙස මාරපන පත් කිරීම යහපාලන ගොන්පාට් එකක් වන්නේ ඇයි?






ඉල්ලා අස්වූ හිටපු විදේශ ඇමති රවි කරුණානායක වෙනුවට තිලක් මාරපන පත්කිරීම යහපාලන රජයකට නොගැලපෙන හේතු කිහිපයක් මේ.

1. කලින් කිසියම් හේතුවකට (අවන්ත්ගාඩ් සිද්ධියට අදාලව ) ඉල්ලා අස්වූ කෙනෙක් මෙම තනතුරට පත්කිරීම නොසුදුසු නිසා. මෙය ඉල්ලා අස්වීම ඊලඟ පුරප්පාඩුව ඇතිවන තෙක් යන අදහස සමාජයට දෙයි.

Monday, August 14, 2017

මිනිසුන්ගේ වෙනස්කම් වටහාගෙන අන්‍යවශ්‍ය ද්වේශයෙන් මිදෙන්න

No to Anger

කලින් පෝස්ට් එකේ පෞරුෂ විශමයන් හෝ විකෘති ගැන තිබ්බ දේවල් ගැන යම් වටහා ගැනීමක් ලැබෙන්න ඇති. ඒ ගැන වැඩි දුර කියවන්න හෝ විස්තර සොයාගන්න හිතුනනම් එමඟින් අපි හැමෝටම ඇති එම විශමතාවලින් තමන්ගේ සහ අන් අයගේ හැසිරීම් ක්‍රියා සහ පැහැරහැරීම් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. ද්වේශය ගැන ලියන්න හදපු ඒ පෝස්ට් එකට වැඩි විස්තර යොදන්න ගිහිල්ල ප්‍රධාන මාතෘකාව යට ගියා කියල හිතෙන නිසා ඒ ගැන යමක් කීමටයි මේ පෝස්ට් එක.

Thursday, August 10, 2017

කෝදු, මිණුම් දඬු, ද්වේශය සහ පෞරුෂ විකෘති

වෙනස් හැඟීම් දක්වන එකම පුද්ගලයෙක්

කෝදු තියෙන්නේ මණින්න. අඩි කෝදුවේ අඟල් දොලහයි. සෙන්ටි මීටර් නම් 30 ක් විතර නේද? (සුවර් නැත). එතකොට අඟල්ද සෙන්ටි මීටර්ද කියන එක නොසලකා අඟල් 6 ක දිගක් මැනල එක්කෙනෙක් 6 කියල කිව්වොත් සහ අනික් එක්කෙනා 15 යි කියල කිව්වොත් 6 සහ 15 කියන්නෙ මොනවයින්ද කියල හොයල බලල ප්‍රශ්ණය විසඳගන්න පුළුවන්.

Wednesday, August 9, 2017

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම නොමිලේ


අජිත් පැරකුම් ජයසිංහයන් සමාජ ජාලා භාවිතය ගැන ලියපු ලිපියෙන් ඒ ගැන තව පැත්තක් ගැන ලියන්න හිතුණා. අන්තර්ජාලය නිසා සමාජයට ලැබිච්ච හොඳ දෙය තමයි දැනීම ලබා ගැනීම ඉතාමත් පහසු වීම. අද ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය, වර්ගීකරණය වැනි දේවල් ගැන කථා කරනකොට මට නම් හිතෙන්නේ ලෝකයේ තියෙන හොඳ විශ්ව විද්‍යාල දෙක තියෙන්නේ අන්තර්ජාලයේ කියලයි. ඒ දෙකම දැනීම දෙන්නේ නොමිලයේ.

Monday, August 7, 2017

බල්ලො හුකන්නයි අපි ගුටි කන්නයි

සංසර්ගයේ යෙදෙන සුනඛයන් දෙදෙනෙක්

යම් කිසි බ්ලොග් කරුවෙකු ගැන වෙබ් අඩවියක සඳහන් වුණු ප්‍රවෘත්තියක් ගැන විවිධ මත පළවෙමින් තිබේ. අනුන්ට පහර ගහන අයගේ මෙවලමක් වන ඇනෝ පැමිණ මාතලන්ගේ බ්ලොගයේ අදහස් දක්වන්නෙකු කියා ඇත්තේ එම ප්‍රවෘත්තිය මඩ ප්‍රවෘත්තියක් බවත් එය පළවීමට මමත් වගකිව යුතු බවත්ය.